Wednesday, May 9, 2012
පුංචි දවස් වල...
මම පුංචි දවස්වල ඉස්කෝලේ ටීචර් කියනවා හෙට එද්දී කාර්ඩ්බෝර්ඩ් වලින් බස් එකක් හදාගෙන එන්න .. අරවා හදාගෙන එන්න.. මේවා හදාගෙන එන්න කියල. ඔයාලටත් එහෙම නේද ? මට අයිය කෙනෙක් නැහැ. ඉන්නේ එකම නංගියෙක් විතරයි . මම ගෙදර අව වෙලාවේ ඉදල පුළුවන් තරම් මහන්සි වෙනවා ඕක හදන්න . බැරිම තැන අප්පච්චි එනකල් බලාගෙන ඉන්නවා. අප්පච්චි ගෙදර එන්නේ රෑ 9 ට විතර .. අප්පච්චිගේ ලගට වෙලා ඉදල මම හෙමිට හදපු එකේ කැලි ටික ගෙනල්ල පෙන්නනවා,. අප්පච්ච එක පොඩ්ඩක් අතට අරන් එහෙම බලල ලස්සනයි කියනවා. එත් මගේ හිතට අප්සට් .. මම දන්නවා මේක කැතයි කියල.. රෑට කෑම කල දත් මැද්ද ගමන් ඉතින් පොඩි උන්ට නිදිමතනේ. ඔන්න මට නිදිමත.. අරක හදාගන්නත් නැහැ .. ගිහිල්ල නිදා ගන්නවා. උදේ පන්දරම ඉස්කෝලේ යන්න අම්මි අවදි කරපු ගමන් නැගිටලා බාත් රූම් එකට දුවන්නේ. මුණ සෝදාගෙන එන්නේ කිරි එක බොන්න. එන ගමන් ඔන්න බස් එක මතක් වෙනවා. දුකෙන් එද්දී කෑම මෙසේ උඩ ලස්සනට හදල පාට කරපු බස් එකක් තියෙනවා. මට දැනුන සතුට.... කියන්න වචන තිබුනේ නැහැ... එදාට මම මොන තරම් ආඩම්බරෙන්ද ඉස්කෝලේ යන්නේ ... යාලුවෝ වට වෙනවා මගේ බස් එක බලන්න. ටිචත් හැමෝටම මගේ බස් එක පෙන්නනවා... මට තේරුනේ නැහැ එදා අප්පච්චිට එකට ගොඩක් ස්තුතියි කියන්න,... එක මගේ නොතෙරුම්කම වෙන්න ඇති ... මම මගේ අප්පච්චිට ගොඩක් ආදරෙයි
Tuesday, May 8, 2012
බ්ලොග් එකක් ලියන්න ආසයි.. කවුරු බලයි ද නොබලයි ද මන්ද? අඩුම තරමේ මට පුළුවන් හිතට එන දේවල් මේකෙවත් ලියල හිත නිදහස් කරගන්න. ජිවිතේ ගොඩක් දුක සතුට විදපු කෙනෙක් මම . අත්දැකීම් එක්ක මාත් දැන් පරිණත වෙලා. මහා ලොකු පණ්ඩිත වචන මම දන්නේ නැහැ , එත් මගේ ජිවිතේ වගේම මම දන්නා අයගේ ගොඩක් අත්දැකීම් මට මේකේ ලියන්න පුළුවන් වේවි ....
Subscribe to:
Comments (Atom)

